වර්තමානයේ ජනාධිපතිවරයා භාවිත කරනු ලබන්නේ කොළඹ සහ මහනුවර පිහිටි නිල ජනාධිපති මන්දිර දෙක පමණක් බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි.
එම හේතුවෙන්, දුර බැහැර පළාත්වල සංචාරය කරන අවස්ථාවන්හිදී හෝටල්වල නවාතැන් ගැනීමට සිදුවන බව ඒ මහතා පැහැදිලි කළේය.
මෙම ක්‍රියාමාර්ගය ගනු ලබන්නේ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.
තවද, නවාතැන් ගනු ලබන හෝටලයක හිමිකරු කාන්තාවක්ද, පිරිමියෙක්ද යන්න එතරම් අදාළ නොවන බවද ඔහු අවධාරණය කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුරාධපුර සංචාරය අතරතුරදී ව්‍යාපාරික කාන්තාවකට අයත් පුද්ගලික හෝටලයක නැවතීම සම්බන්ධයෙන් ඊයේ (05) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කළ අවස්ථාවේය.