ජනාධිපතිටයි පාර්ලිමේන්තුවටයි එක වර පහර දිය යුතුයි..! – ලාල්කාන්ත….

July 30, 2022 at 6:49 pm | by emanisa.lk

පාලකයින් සතු ජනාධිපති සහ පාර්ලිමේන්තුව යන ව්‍යවස්ථානුකූල බල කණු දෙකට ම පහර දිය යුතු බව කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්තා පෙන්වා දෙන්නේ, එක බල කණුවකට පමණක් පහර දී ප්‍රමාණවත් නොවන බව ගෝඨාභය පන්නා දැමූ පසු තවත් නරුමයෙක් පත් කර ගැනීමට අනෙක් බල කණුව කටයුතු කිරීමෙන් තහවුරු වන බවයි.

නරුමයකු ජනපති කළ, හදිසි නීතිය සම්මත කළ, ජනතා මතය නියෝජනය නොකරන පාර්ලිමේන්තුවට ද ප්‍රබල දේශපාලන ප්‍රහාරයක් එල්ල කළ යුතු බව ලාල්කාන්ත අවධාරණය කරයි.

අද (30) කොළඹ මහජන පුස්තකාලයේ පැවැති හමුවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *