ජනවාර්ගික ගැටලුව වහා විසඳනු..! නැත්නම් ජාත්‍යන්තරේට ගොස් ඊළම පිහිටුවනවා…! – දෙමළ සන්ධානයෙන් ජනපතිට රතු එළි..

June 11, 2023 at 2:04 pm | by emanisa.lk

ජනවාර්ගික ගැටලුව සඳහා ජුලි 30 වැනිදාට පෙර අවසන් විසඳුමක් ලබා නොදුනහොත් යළිත් ආණ්ඩුව හා සාකච්ඡාවලට සහභාගී නොවන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හමුවේ ප‍්‍රකාශ කර තිබේ.

ඒ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ ආණ්ඩුව හා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දි පැවැති සාකච්ඡාවේදීය.

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා විසඳුම් ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බවත් එම පොරොන්දු එයාකාරයෙන් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ගෝලීය ස්වයං තීරණ අයිතිය යටතේ මෙරට ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගැනීමට යොමු වන බවත් දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *