තමන්ට ඡන්දය නොදෙන ජනතාවගේ පරිකල්පනය පුබුදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණට සුවිශේෂ හැකියාවක් ඇතැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
ඒ අවන්ත ආටිගල අඳින ලද කාටුනයක් පිළිබඳ සටහනක් තබමිනි.
“මේ කාටූනය අවන්ත ආටිගල මොන අදහසකින් ඇන්දත්, මේක නිසා ජවිපෙ නිල ප්‍රචාරක ඒජන්තවරුන්ට කේන්ති ගොස් තිබුණත්. මෙය ඉතා වැදගත් පණිවිඩයක් නිකුත් කරන්නකි.
මෙය ලංකාවේ ජනයාගේ දේශපාලන මනසේ හා ඡන්දය දීමේ චර්යාවේ වැදගත් ලක්ෂණයක් වෙත අප යොමු කරවයි. ඇත්ත වශයෙන්ම මේ කාටූනයෙන් කියැවෙන දේ පිළිබදව ජවිපෙ ආඩම්බර විය යුතුය.
එයින් කියැවෙන්නේ ඡන්ද පිළිබද තත්වය කුමක් වුවත් ජනයාගේ දේශපාලන පරිකල්පනය පුබුදු කරවීමට මාහැගි හැකියාවක් ජවිපෙට ඇති බවයි. සාමාන්‍යෙයන් ප්‍රධාන පක්ෂවල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන්නේ ඒවාට ඡන්දය දෙන අයයි.
නමුත් තමන්ට ඡන්දය නොදෙන ජනයා පවා තම ක්‍රියාකාරකම් කෙරේ ආකර්ශනය කරගැනීමට ජවිපෙ සමත් වේ. මේ ලක්ෂණය පැරණි වාමංශික ව්‍යපාරය තුළ ද දක්නට ලැබිණි.”