ජනමතය විමසන්න සූදානම්…! පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවයි…!

December 9, 2022 at 10:29 am | by emanisa.lk

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා පත්‍ර කැඳවීමේ නිවේදනය මෙම මස 27 වැනිදා සහ 30 වැනිදා අතර දිනයක දී ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ඊයේ (08) පැවැති අතර එහි දී මෙම තීරණය ගෙන ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ දින තීන්දු කිරීමේ බලය මේ වන විට මැතිවරණ කොමිසම වෙත පැවරී ඇත.

ඒ අනුව ඡන්ද විමසීම් පනතේ 26 වයන වගන්තිය ප්‍රකාරව මෙම නාම යෝජනා පත්‍ර කැඳවීමට නියමිතය. එළඹෙන මාර්තු මස 20 වැනිදා වන විට පළාත් පාලන ආයතනවල නව මන්ත්‍රීවරුන් තෝරා පත්කර අවසන් කළ යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *