ජනමතය විමසන්න සූදානම්…! පළාත් පාලන ඡන්දේ මාර්තුවේ…!

October 24, 2022 at 8:15 am | by emanisa.lk

මීළඟ පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු මස 20 වැනිදාට පෙර පැවැත්වීමට දැනට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල්පුංචිහේවා පවසයි.

සභාපතිවරයා එසේ පැවසුවේ යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැංවීම සඳහා නිර්මිත මැතිවරණ කොමිෂන් සභා ක්‍රියාමාර්ග ජනගත කිරීමේ සංවාද මාලාවේ මාතලේ දිස්ත්‍රික් වැඩමුළුව අමතමිනි.

නීතිඥ එහිදීනිමල් පුංචිහේවා වැඩි දුරටත් කියා සිටියේ මැතිවරණ තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත්ව තිබෙන ප්‍රධාන යෝජනා දෙක වන ප්‍රචාරක වියදම් ක්‍රමවේදය සහ තරුණ නියෝජිත ක්‍රමවේදය සම්මත වුවහොත් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *