ජනපති සටනට අලි පොහොට්ටු සන්ධානයක්… පාඨලී සහ රාජිතත් එති…!

May 4, 2024 at 10:55 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණ කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ රැසක එකමුතුවෙන් ගොඩ නගන පොදු සංවිධානයකින් අදාළ අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන මහත්වරු ද එක්වීමට නියමිත බව එම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *