ජනපති සංඥාව ලැබෙන තුරු රාජිත පාඨලී පෝලිමේ…!

May 7, 2023 at 3:02 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය පාඨලී චම්පික ද ආණ්ඩුවට එකතු වීමේ සූදානමින් පසුවෙන බව දැන ගන්නට තිබේ.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ බුලත්සිංහල ප්‍රදේශයේ හිතවතෙකු පසුගියදා සංවිධානය කළ සාදයකට ද පාඨලී චම්පික රණවක එකතු විය.

එහි දී රාජිත සේනාරත්න සිය මිතුරන් සමග පවසා ඇත්තේ තමා මෙන් ම පාඨලී ද ආණ්ඩුවට එකතු වීමට සූදානම් වුව ද ජනාධිපතිවරයාගෙන් තවමත් යහපත් ප්‍රතිචාරයක් නොමැති බවයි.

පාඨලී චම්පික රණවකගේ සමීපතමයකු වන ධනුෂ්ක රාමානයක මේ වන විට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස