ජනපති රුව යොදා සල්ලි අච්චු ගැසූ සැකකරු අත්අඩංගුවට…!

November 5, 2024 at 2:27 pm | by emanisa.lk

ජනාධිපතිවරයාගේ රුව සහිත ව්‍යාජ රුපියල් 5,000ක නෝට්ටුවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරුව ඊයේ (04) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 38ක් වූ මහදෙණිය, කොරතොට, අතුරුගිරිය ලිපිනයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අලෙවි නිලධාරියෙක් ලෙස රැකියාව කරන අයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *