ජනපති රනිල් සමග එජාපය යළි පිබිදෙයි…! පොහොට්ටුව කඩාගෙන මැති ඇමැති රොත්තක් එජායට…!

July 31, 2022 at 1:37 pm | by emanisa.lk

ආණ්ඩුව සමග එක්ව සිටින මැති ඇමතිවරුන් රැසක් ඉදිරි කාලයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂවලින් ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරුන් ද දැනට කැබිනට් මණ්ඩලයේ සිටින පිරිසක් ද පසුගිය කාලයේ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ කිහිප දෙනකු ද මේ අතර වෙති.
මෙම පිරිසට දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන කිහිප දෙනෙකු ද ඇතුළත් වනු ඇති බව පැවසේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ ඇතිව තිබෙන පිබිදීමත්, අනෙකුත් පක්ෂ නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන් එම පක්ෂය සමග ඇති කර ගෙන තිබෙන මත ගැටුම් ආදියත් මෙයට ආසන්නතම හේතු වී තිබේ.

ඒ අනුව, ඉදිරි මැතිවරණයක දී , ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් එජාපයෙන් තරඟ කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *