හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන 2019 වසරේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ රුපියල් බිලියන 3.02 ක් වැය කරත්දී වත්මන් ජනපතිවරයා 2020 වසරේ දී වැයකර තිබෙන්නේ රුපියල් බිලියන 1.2 ක් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
ගෝඨාභය රාජපක්ෂ අදාළ කාලය තුළ ජනපති ලේකම් කාර්යාලයෙන් පමණක් රුපියල් බිලියන 1.7 ක් ඉතිරි කර දී තිබෙන බවත් ඇමැතිවරයා කීය.
අනවශ්‍ය වියදම් සියල්ල කපා හරිමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය කාලය තුළ අතිවිශාල මුදලක් රටට ඉතිරි කර දී තිබෙන බවත් තමන් බලයේ සිට පසුගිය වසර 1 1/2 ක කාලය තුළ විදේශ සංචාර සඳහා එතුමා වැය කර තිබෙන්නේ රුපියල් ලක්ෂ 32ක් පමණක් බව ද හෙතෙම කීය.
ශ්‍රී ලංකා පොදුජන නීතිඥ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සංවිධානයේ මෙහෙයවීමෙන් පසුගියදා මහනුවර රෝයල් කැන්ඩියන් හෝටලයේදී පැවැති රැස්වීමකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.