ජනපති කාර්යාලය අසල වාහන 250ක් දමා දුවති… 29ක් අතුරුදන්…!

September 25, 2024 at 4:42 pm | by emanisa.lk

රාජ්‍ය දේපළ අවභාවිත කළ පුද්ගලයින්ට එරෙහිව කටයුතු කොට ඔවුන් සියලු දෙනාගේ නම් හෙළි කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

“ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 833ක් පිළිබඳ තොරතුරු ලේඛනවල තියෙනවා. ඒ 833න් වාහන 29ක් 2022 වෙනකොටත් අතුරුදහන්. හිටපු ජනාධිපතිවරුන්ගෙන් අහනවා මේ වාහන ගිලලද තියෙන්නේ. තමන්ට වගකීමක් තියෙනවා තමන්ගේ ධුර කාලයේ තියෙන දේපොළ ආපහු ජනතාවට භාර දීල යන්න.

ජනධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 253ක් පිට දුවනවා. ඒවා තමයි මේ දුවගෙන ඇවිත් තැන් තැන්වල නවත්වල තියෙන්නේ. මෙහෙම වාහන නවත්වල යන්නේ ඇයි? ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැදුනම රටේ නාස්තිය නවතින හැටි කියන උදාහරණයක් මේ. වාහන භාර දුන්න අයගේ විස්තර අපි දැන් ඉල්ලා තියෙනවා. වාහන භාර දුන්නේ කාටද කියල අපි හොයනවා.”

මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නවතා දමා ගොස් ඇති රජයේ වාහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමරසිංහ මහතා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *