ජනාධිපති අනුර දිසානායක ප්‍රථම වතාවට සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුමකට එකතු වී තිබේ.
ඒ, දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත්ව රජයේ වන්දි යටතේ යළි ඉදිකෙරුණු නව නිවසක සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරුමකට අද (14) පෙරවරුවේ එකතු වෙමිනි.
අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්නගේ නව නිවසට ගෙවැදීම ද ඊට සමගාමීව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.