ජනපති අනුරගේ ජනප්‍රියභාවය 75% ඉක්මවයි…!

July 15, 2026 at 10:49 am | by emanisa.lk

ජුලි මාසය සඳහා වන මහජන කැමැත්ත සහ ජනප්‍රසාදය පිළිබඳ සමීක්ෂණ ප්‍රතිඵලවලට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි පවතින මහජන තෘප්තිමත්භාවය 75.5%ක් වැනි ඉහළ මට්ටමක පවතින බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

එසේම ජාතික ජන බලවේගය රජය විසින් රට තුළ කාර්යක්ෂම පාලනයක් සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයකගේ ආකල්ප ධනාත්මක මට්ටමක පවතින බවද එමගින් වැඩි දුරටත් අනාවරණය වී ඇත.

ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් වන 62.8% ක ප්‍රතිශතයක් ජාතික ජන බලවේගය රජයට කාර්යක්ෂම පාලනයක් සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳව තෘප්තිමත් වන බව ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස