තමන් වැඩවර්ජනය කැඳවූ දින ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලය මහනුවරට පළා ගිය බව එස්.එම්. මරික්කාර් පවසයි.
සමගි ජන බලවේග මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, අච (07) පාර්ලිමේන්තුවේ දී අගමැති දිනේෂ් ගුණවර්ධන සමග උණුසුම් වචන හුවමාරුවක නිරත වූ අවස්ථාවේ ය.
මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳ තමා සතුටු වන බවට අගමැති සිදුකළ ප්‍රකාශය අසත්‍ය බවත් ඔහු සිය කැමැත්තෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ බවත් එස්.එම්. මරික්කාර් ප්‍රකාශ කළේය.