ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් තමා වෙත ලැබී නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
ජනාධිපතිවරයා තවමත් සිය ගමනාන්තයට ළඟා වී නැති හෙයින් මේ තත්ත්වය උදා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඊයේ ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා ගමන් කිරීමට නියමිතව තිබුණ ද ආරක්ෂක හේතු මත එම ගමන පමා වී තිබේ.
ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බොහෝ දුරට අද දිනයේ දී ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.