ජනපති ගෝඨාභය රාජපක්ෂට සහ පවතින ආණ්ඩුව සහාය පළ කරමින් රට පුරා ස්ථාන කිහිපයක දී උද්ඝෝෂණ රැල්ලක් අද (10) පැවැත්විණි.
මහනුවර, නිකවැරැටිය, තංගල්ල, බඩල්කුඹුර ආදි ප්‍රදේශවල පැවැති එම උද්ඝෝෂණවලට ආණ්ඩුවට හිතවත් විශාල පිරිස් සහභාගී වූහ.
මෙය විපක්ෂ කණ්ඩායම් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෙන යන විරෝධතාවට ප්‍රතිචාර ලෙස ආරම්භ කර තිබේ.