ජනපතිට තර්ජනය කළ පොඩි ලැසීත් ආයුධ පෙන්න්න රැගෙන යයි!

October 24, 2020 at 3:28 pm | by emanisa.lk

සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසීට අයත් ටි-56 ගිනි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) දින රාත්‍රි මිටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ආච්චිගේ නිවස පිටුපස තිබි සොයාගත් බව අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුව පවසයි.

දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම්භාරයේ පසුවන පොඩි ලැසිගෙන් ලබාගත් තොරතුරු හා විමර්ශනවල දී අනාවරණය කරගත් තොරතුරු මගින් මෙම ටි.56 ගිනි අවිය හා රිවෝලර්වරය සොයාගත් බව අපරාධ පරික්ෂණ දේපාර්තමෙන්තුව සඳහන් කරයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පොඩි ලැසී ද මෙම ස්ථානයට රැගෙන විත් තිබු බව සඳහන්ය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා ගේ උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම දියත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *