ජනපතිගෙන් විශිෂ්ට තීන්දුවක්… හෙට ජාතික විජයග්‍රහණ දින සැමරුමට…!

May 18, 2025 at 1:43 pm | by emanisa.lk

ජනාධිපති අනුර දිසානායක මහතා ජාතික විජයග්‍රහණ දින සැමරුමට සහභාගී වන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන පවසයි.

කොටි ත්‍රස්තවාදය අවසන් කොට රට එක්සේසත් කිරීමේ ජාතික විජයග්‍රහණ සැමරුම් උළෙල හෙට (19) හවස 4ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

කෙසේ වුව ද ඊයේ රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කළේ නි. ආරක්ෂක ඇමති අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් එම උළෙල පැවැත්වෙන බවයි. ඊට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *