ජනතාව වෙනුවෙන් ගැසට් දහයක් වුණත් ගහල රිවස් කරනවා…! – සාගර…

October 3, 2021 at 8:46 am | by emanisa.lk

රටේ ජනතාව කුසගින්නේ නොතැබීම ආණ්ඩුවේ වගකීමක් බවත් එය නතර කිරීම උදෙසා ගැසට් පත්‍ර දහයක් වුව ගැසීමට සූදානම් බවත් පොදුජන පෙරමුනේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

පොදුජන පෙරමුණේ මීරිගම සාමාජික හමුවකට සහභාගිවීමට පැමිණි ලේකම්වරයා මාධ්‍ය අමතමින් මේ බව කීයා සිටියේය.

“රජය මේ වෙලාවේ කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් කළ යුතු හොඳ ම දේ. ඒ දේ ඉදිරියටත් ඒ විදියට ම හැම විට ම ජනතාව වෙනුවෙන් කරනවා. ආහාර ලබාදීම වෙනුවෙන් හොඳ ම පියවරවල් ගන්නවා. ඒකට ගැසට් පත්‍ර දහයක් ගහන්න වුණත් අපි ඒවා වෙනස් කරලා හරි කරනවා.

කවදා හරි හාල් මිල පාලනය නැතුව ගියා කියා තේරුණොත් ජනතාව වෙනුවෙන් ඒ අවස්ථාවේදීත් රජයක් හැටියට මැදිහත් වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *