දිට්වා සුළි කුණාටුව සමග විනාශ වීමත් සමග වැලිකොට්ට යොදා ප්‍රතිසංස්කරණය කළ මාර්ග ඇතුළු ස්ථාන රටට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සමග නැවත විනාශ වීමේ අවදානමක් මතුව තිබේ.
අධික වැසි සමග ගංගා ඇතුළු ජලාශවල ජල මට්ටම ඉහළ යෑමත් සමග තාවකාලිකව මාර්ග ප්‍රතිසංස්කරණයට යොදා තිබූ වැලි කොට්ට ගසාගෙන ගොස් එම ස්ථාන ඛාදනයට ලක්වෙමින් තිබේ.
මෙම තත්ත්වය නිසා ජනතාව විමසිල්ලෙන් කටයුතු කළ යුතු වන අතර ගංවතුරින් යටවී ඇති මාර්ගවල ගමන් කිරීමේදී බෙහෙවින් පරිස්සම් විය යුතුය.