වෙනත් රටකට අපේ ප්‍රශ්න විසඳන්න බෑ කියමින් ඉන්දියාව බලහත්කාරයෙන් අප මත පැටවූ 13 වන සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳ ජනාධිපතිවරයා කතා කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.
13 වන සංශෝධනයේ දුම්රිය පළාත් පිළිබඳ සඳහන් වුව ද ලංකාවේ එවැනි පළාත් ක්‍රමයක් නොමැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා, මෙම සංශෝධනය කොතන පිටපත් කොට ලංකාවට රැගෙන ආවේ දැයි එමගින් තහවුරු වන බව ද ප්‍රකාශ කළේය.
69 ලක්ෂයේ ජනවරම නිර්මාණය කළේ 2017 ගෙන ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවට එරෙහිව බවත් එම ජනවරමින් බලයට පැමිණ ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ නොහැකි බවත් ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේය.
ජනතාව විසින් පරාජය කළ ව්‍යවස්ථාක් කර මත තබා ගෙන නොඑන ලෙසත් වර්තමාන ජන මතයට අනුකූල ව්‍යවස්ථාවක් රැගෙන එන ලෙසත් ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේ අද (09) ජනාධිපතිවරාගේ විශේෂ ප්‍රකාශයට අනතුරුව පාර්ලිමේන්තුව අමතමිනි.