ජනතාව විසින් පන්නා දැමූ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට රුපියල් හත්ලක්ෂ හාරදහස් එකසියයක ඉන්ධන දීමනාවක් ලබා දෙන බව ජාතික ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසන්නේ නියම නිල කාලය පවා ධූරයේ කටයුතු නොකළ මහජන බදු මුදලින් රු. 97500ක විශ්‍රාම වැටුපක් ද රුපියල් ලක්ෂයක ලේකම් දීමනාවක් ද හිමි වන බවයි.
මෙය රටේ ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීමක් ද බව ද විජිත හේරත් සඳහන් කළේය. එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.