මේ වන විට දියුණු යැයි සම්මත රටවල ජනතාව දේවස්ථාන වෙත නොපැමිණෙන නිසා ඒවා වසා දමමින් ඇතැයිද ජනතාව සති අන්තයේ විනෝද චාරිකා යමින්ද කාලය ගතකරන බව මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමා පවසයි.
යුරෝපයේ බැසිලිකා දේවස්ථාන ඇතුළු ආසන දෙව් මැදුරු හිස් භූමි බවට පත්ව පාපන්දු පිටි ජනතාව මෝඩ ලෙස විනෝදාස්වාදය පිණිස එකතු වන තැන් බවට පත්ව ඇතැයිද කාදිනල්තුමා ප්‍රකාශ කරයි.
දෙවියන් වහන්සේ කෙරෙහි පැවති විශ්වාසය ඔවුන් අතර බිඳ වැටී තාවකාලික කායික තෘප්තිය පමණක් ඉලක්ක කරගත් නොදියුණු ගතිගුණ ඔවුන් තුළ ඉස්මතු වන්නට පටන් ගෙන ඇති බවද එතුමා සඳහන් කරයි.
ආගමික උත්සව අවස්ථාවක් අමතමින් කාදිනල්තුමා මේ බව කීය.