ජනතාව තමන්ගේ වගකීම හරියට ඉටුකළා නම් ඩෙංගු පැතිරෙන්නේ නෑ…! – නි. ඇමතිනි කෞෂල්‍යා ආරියරත්න…

June 30, 2026 at 9:37 am | by emanisa.lk

ඩෙංගු රෝගය වේගයෙන් ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ජනතාව තම තමන්ගේ වගකීම නිසි ලෙස ඉටුනොකිරීම බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න පවසයි.

“ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් ලංකාවෙන් හම්බුවෙලා තියෙනවා. ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි තම තමන්ගේ වගකීම නිසි ලෙස ඉටුනොකිරීම ලෙසයි අපි දකින්නේ.

මොකද රජයකට, විශේෂයෙන් නගර සභාවලට සහ පළාත් පාලන ආයතනවලට පිරිසිදු කිරීමේ වගකීම හැරුණාම ඔබේ නිවෙස්වල, ඔබේ ගෙවත්තේ පිරිසිදුකිරීම් පිළිබඳ වගකීම පැවරෙන්නේ ඔබටමයි.

ඉතින් මේක ජාතික වැඩක් හැටියට සලකලා ඔබේ අතේ තියෙන අති මහත් වගකීම ජාතිය වෙනුවෙන් ඉෂ්ට කරන්න. ඔබේ නිවස පිරිසිදුව තබා ගන්න බොහොම සැලකිල්ලෙන් ඉන්න.”

නි. ඇමතිනී කෞෂල්‍යා ආරියරත්න මේ බව පැවසුවේ පොසොන් පෝය පොහෝ දින (29) හෝමාගම ප්‍රදේශයේ පැවති භක්ති ගීත වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *