ජනතාවට සාධාරණයක් කරන්නේ රාජපක්ෂලා විතරයි…!

March 7, 2022 at 5:18 pm | by emanisa.lk

ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනා ගෙන පිළිතුරු ලබා දෙන දේශපාලන චරිත මේ රටේ ඇත්තේ ස්වල්පයක් බව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසයි.

“මේ ව්‍යාපෘතියට සම්පුර්ණ උපදේශකත්වය අනුශාසකත්වය මගපෙන්වීම ලබා දුන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා. මේ වසරේ අපේ ඉලක්කය නිවාස 30000න් දැනට නිවාස 24000ක වැඩ කටයුතු අවසන්ව වී ගෙන එනවා.

සැබෑ ප්‍රශ්නය හඳුනාගෙන සැබෑ ප්‍රශ්නයට උත්තර දෙන දේශපාලන චරිත මේ රටේ ඉන්නේ බොහොම ටිකයි. ඒ දේශපාලන චරිතවලින් දෙයක් ඉගෙන ගත්ත නම් ඒ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගෙන් විතරයි.

මේ රටේ ජනතාවට අපි වගකීමෙන් කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් යට‍තේ ජනතාට සාධාරණයක් ඉෂ්ට කරන්නෙ වර්තමාන අග්‍රාමාත්‍යතුමා ඇතුළු මේ රාජපක්ෂවරු මිසක් වෙන කවුරුත් නෙමෙයි.

ඒ වගේම ජනතාවගේ ඉල්ලීම් හරියාකාරව ලබා දෙන්නේ මේ රාජපක්ෂවරු පමණයි කියන එක මම වගකීමෙන් කියනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *