අරක්කු මිල විශාල මුදලකින් පහළ දැමීමට කටයුතු සිදුවෙමින් පවතින බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ අනුව අතිවිශේෂ (ගල්) අරක්කු බෝතලයක මිල රුපියල් 900 – 1000 අතර මුදලකින් ද අරක්කු කාලක මිල රුපියල් 200 කින් පමණ ද අඩු වනු ඇති බව දැනගන්නට තිබේ.
පසුගියදා මත්පැන් නිෂ්පාදන සමාගම් සමඟ පැවැති සාකච්ඡාවක දී සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි දැනුම් දී ඇත්තේ මේ වන විට මත්පැන් සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා ස්ප්‍රිතු මිල අඩු වී ඇති බැවින් අරක්කු මිල අඩු කිරීමට කටයුතු කරන ලෙසටය.
අවසාන වශයෙන් 2023 ජුලි 01 වැනිදා රජය අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මද්‍යසාර සහ සිගරට් මිල වැඩි කළ අතර එහි දී අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 1000 කින් ඉහළ නැංවිණි.