ජනතාවට සහන දෙන්න IMF විරුද්ධ නෑ… ණයක් අරන් ක්ෂණික සහන දෙනවා…! – මහාචාර්ය අනිල් ජයන්ත…

October 14, 2024 at 4:12 pm | by emanisa.lk

ජනතාවට ලබාදෙන සහන ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද එකඟතාව හිමිව ඇති බව ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරද්දි පැහැදිලි කරමින් සිටියා අපේ රටේ ආර්ථිකය නැවත පුනර්ජීවනයට හරවන්න නම් රටේ මිනිස්සුන්ට කන්න බොන්න ලැබෙන දේ අරන් දෙන්න ඕනේ. ගොවියාට පොහොර ටික ලැබෙන්න ඕනේ. ධීවරයාට ඒ වැඩ ටික පහසුවෙන් කරගන්න යන්න පුළුවන් සහන ටික ලැබෙන්න ඕනේ.

අන්න ඒ පරමාර්ථයෙන් අපි සහන වැඩි කරනවා කියන එකට ඇත්තට ම මූල්‍ය අරමුදලත් විරුද්ධ වුණේ නෑ. එගොල්ලන් කිව්වේ ඔබගේ වැඩසටහන් අරගෙන එන්න, ඉදිරිපත් කරන්න කියලා.

මුදල් සොයා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සම්බන්ධවෙලා ඉන්න තවත් ආයතන තියෙනවා. ඒ ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව තවත් ආයතන. අපි වේගයෙන් උත්සාහ කරනවා ක්ෂණිකව ආධාර සහන ලබා දෙන ගමන්ම ඒ ජනතාව සැබෑ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධකර ගන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *