ජනතාවට සහනත් දීලා විපතකට මුහුණ දෙන්න පුළුවන් ආර්ථිකයක් හැදුවා…! – ටිල්වින් සිල්වා…

May 14, 2026 at 1:08 pm | by emanisa.lk

ස්වාභාවික විපත් පැමිණි විට ඊට සාර්ථකව මුහුණ දීමට හැකි වූයේ තම ආණ්ඩුව ආර්ථිකය ගොඩනඟා ගත් නිසා බවත් පෙර පාසල් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සියලු දෙනාටම ආණ්ඩුව උපරිම සහන ලබා දුන් බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

පෙර පාසල් ළමයින්ගේ ආහාර දීමනාව, පෙර පාසල් ගුරු දීමනාව, පාසල් දරුවන්ගේ ශිෂ්‍යත්ව දීමනාව, මහපොළ ශිෂ්‍යත්ව දීමනාව, වකුගඩු රෝග දීමනාව, වැඩිහිටි දීමනාව, අස්වැසුම, පොහොර සහනාධාරය ඉහළ දමමින් ඔවුන්ගේ ආර්ථිකය ගොඩනැඟීමට කටයුතු කළ බවද ඔහු අවධාරණය කරයි.

මාලිමාව බලයට පත්වුවහොත් බුදු දහම විනාශ කරනු ඇතැයි ප්‍රකාශ කළද තමන් බලයට පැමිණ දළදා ප්‍රදර්ශනයක්ද ඉන්දියානු ධාතු ප්‍රදර්ශනයක් සාම පාගමනක්ද සිදුකර එය බොරු කළ බවද ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.

මාලිමාව බලයට පත්වුවහොත් විපක්ෂය මර්දනය කරන බවට ප්‍රකාශද මේ වන විට පුහු වී ඇති බවත් තම ආණ්ඩුව මැතිවරණ තුනක් පවත්වා පෙළපාලි නොයා සාමකාමීව ජයග්‍රහණය සැමරූ බවද රටේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

ස්වාධීන රූපවාහිනිය සමග සාකච්ඡාවකට එකතු වෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *