ජනතාවට දුක් දෙමින් වැල් පාලමේ දක්කද්දි නිහඬව ඉන්න බෑ…! – දිලිත් ජයවීර…

June 18, 2024 at 8:14 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂ නම් ඇමරිකන්කාරයා රට පාවා දීමට උත්සාහ කරන විට එය පරාජය කිරීමේ පෞද්ගලික වගකීමක් තමන්ට ඇතැයි මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

රටේ තෙල් ගෑස් පෝලිම් ඇති වන විට විදුලි කප්පාදු කරන විට මුදල් ඇමැතිවරයා බැසිල් රාජපක්ෂ බවට ද ඔහු චෝදනා කළේය.

ජනතාවට දුක් දෙමින් වැල් පාලමේ දක්කා ගෙන යාමට උත්සාහ කරන රනිල් බැසිල් සජිත් අනුර සියලු දෙනාට විකල්පය ලෙස රට ගොඩනැඟීමට සර්වජන බලය සූදානම් බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

අද (18) නුගේගොඩ පැවැති සර්වජන බලය මංගල රැලිය අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *