විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නැයි පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ පවසයි.
එවිට ජනතාවට අවශ්‍ය නම් පමණක් රීලෝඩ් එකක් දමා ගෙන විදුලි බලය ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
කලින් මුදල් ලැබෙන නිසා එම ක්‍රමවේදය විදුලිබල මණ්ඩලයටත් හොඳ බව ගාමිණී ලොකුගේ සඳහන් කරයි.
පුංචි ම මිනිසාගේ සිට ඉහළ ම මිනිසා දක්වා මෙම විදුලි බිල ප්‍රශ්නයක් වී තිබෙන්නේ යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.