ජනතාවගේ දේපොළ සඳහා නව බද්දක්…!

April 30, 2023 at 7:03 pm | by emanisa.lk

දෙදහස් විසි පහ වසරේ දී දේපොළ සඳහා නව බද්දක් හඳුන්වා දීමට නියමිත බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක පවසයි.

ඔහු මේ බව අනාවරණය කළේ “ආර්ථික අර්බුදයට අයි.එම්.එෆ්. පිළිතුරක්” යන මැයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

මේ වන විට ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සමග රජයේ ආදායම ඉහළ නැංවීමේ සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බදු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස