ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාර…! ජනක රත්නායක ජනාධිපතිවරණයට…!

May 9, 2023 at 1:44 pm | by emanisa.lk

2024 ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.

තමන් 2024 ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තීරණය කළේ මෙරට ආගමික නායකයින්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෘත්තියවේදින් හා මහ ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් හේතුවෙන් බව ද ඔහු කියා සිටියේය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාප කියා සිටියේ වසර 75ක් මෙරට පැවති අර්බුදකාරි ආර්ථික තත්ත්වය මැඩලීම සදහා සුසමාදර්ෂය මත පදනම්වු ක්‍රමවේදයක් මත ආර්ථිකය උඩු යටිකුරු කරන ප්‍රතිපත්ති මාලාවක් තමන් විසින් ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව තමන් නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ද ජනතාවට කැපවීමෙන් සේවය කළ හැකි ඕනෑම කණ්ඩායමකට තමන් සමග එකතු විය හැකි බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස