ජනකගේ චෝදනා බරපතළයි…! සිපෙට්කො නිලධාරීන් සහ මා කෝප් කමිටුවට කැඳවන්න…! – ඇමැති කාංචන…

July 8, 2022 at 10:47 am | by emanisa.lk

තමා සහ ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවන ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඉල්ලයි.

ඒ්, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක නඟන චෝදනා පිළිබඳ විමසීමටය.

ජනක රත්නායක විසින් කෝප් කමිටුව සහ ජනතාව නොමග යවා ඇත්නම් ඒ් පිළිබඳ පරීක්ෂණයක් කළ යුතු බව ද ඇමැතිවරයා අවධාරණය කළේ ට්විටර් පණිඩයක් නිකුත් කරමිනි.

ඊයේ කෝප් කමිටුව හමුවේ පෙනී සිටි ජනක රත්නායක ප්‍රකාශ කළේ ඉන්ධන රුපියල් 200ක් අඩුවෙන් ලබා දිය හැකි බවයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *