ජංගම පොල් රථය අද මහරගමට… එක් අයෙකුට පොල් ගෙඩි 05යි…!

October 25, 2024 at 1:38 pm | by emanisa.lk

අද (25) දින පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාවක් මහරගම නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක විය.

එම ජංගම රථයකින් එක් අයකුට පොල් ගෙඩි 05 බැගින් ලබාගැනීමට අවස්ථාව සැලසෙන බව වාර්තා වේ. අද පෙරවරුවේ මහරගම පොල් ගෙඩි 5000ක පමණ ප්‍රමාණයක් ගෙඩියක් රුපියල් 100ක් 120ක් වැනි මිලකට අලෙවි කිරීමට රැගෙන ආවේය.

තවද, හලාවත, කුරුණෑගල වැවිලි සමාගම සහ පොල් පර්යේෂණ මණ්ඩලය මගින් ද ජංගම රථ යොදාගෙන තෝරාගත් ප්‍රදේශ කිහිපයක පොල් අලෙවි කිරීම සිදුකරනු ලබන බව වැඩි දුරටත් වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *