වර්තමාන පාර්ලිමේන්තුව මේ රටේ ඡන්දදායකයින්ගේ නිර්මාණයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.
ප්රචාරක ලේකම්වරයා පෙන්වා දෙන්නේ, දැන් වසළයින් යැයි බැණ වදින පිරිස ද සිය ඡන්දය භාවිත කර නිර්මාණය කළේ ජනතාව බවයි.
ජනතාව නැවත එම අවස්ථාව ලබා ගත්ත ද ඔවුන් කවර තීන්දුවක් ගනී දැයි සැක සිතිය යුතු තත්ත්වයක් ඇතැයි දුමින්ද නාගමුව අවධාරණය කරයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බදුල්ල දිස්ත්රික් සමුළුව අමතමින් හෙතෙම මේ බව කීය.