ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට දුරකතන තහනම්..!

September 19, 2024 at 7:40 pm | by emanisa.lk

2024 ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළට කිසිදු පුද්ගලයෙකුට ජංගම දුරකථන රැගෙන යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය,

පසුගිය මැතිවරණවල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල තොරතුරු විවිධ ආකාරයට ප්‍රචාරය වී ගැටළු ඇතිවීම් වාර්තා වූ බැවින් මෙවර ඡන්දය ගණන් කිරීමේ නිලධාරීන් කිසිවෙකුටත් ජංගම දුරකථන එම මධ්‍යස්ථාන තුළට රැගෙන යාම තහනම් වණු ඇති බව පැවසේ,

එමෙන්ම පෙර පරිදිම ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදීත් ජංගම දුරකථන රැගෙන යාම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *