ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් එවැනි මෝඩකමක් කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය.බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා අද (11) බදුල්ලේ දී මේ බව පැවසීය.
“දැන් රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා පොහොට්ටුව ගැන. කඩාගෙන ගියාට අපිට කිසිම අඩුවක් වෙලා නැහැ. අපි දැන් එදාට වඩා අද ශක්තිමත්. මැතිවරණය නොතියා ඉන්න බැහැ. ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දාන්න බැහැ. මම හිතන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂය එතරම් මෝඩකමක් කරයි කියලා. එහෙම වැඩක් එක්සත් ජාතික පක්ෂය කළොත් ඒ එක්සත් ජාතික පක්ෂයේ අවසානයයි.
අපේ ජනපති අපේක්ෂකයා ගැන දැන්ම මොනවාත් කියන්නෙ නැහැ. නිසි වෙලාවට, නිසි කලට එය අපි කියන්නම්. ජනතාව දැන් බලාගෙන ඉන්නෙ පොහොට්ටුව දිනවන්නට. නැතිව වෙන මොනවාත් පක්ෂ ගැන නොවේ ජනතාව බලාගෙන ඉන්නෙ.