ඡන්දෙන් ජනතාව දුන් පණිවිඩය ආණ්ඩුව තේරුම් ගත්තා…! – අධිකරණ ඇමති…

May 9, 2025 at 9:17 am | by emanisa.lk

මෙවර පළාත් පාලන ආයතන මැතිවරණ ප්‍රතිඵලය මගින් සිදුකල යුතු වෙනස්කම් කඩිනමින් කළ යුතු බව ජනතාව ආණ්ඩුවට පෙන්වා දී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර පවසයි.

ආමත්‍යවරයා මෙහිදී කියා සිටියේ, ජනතාව ලබාදී ඇති පණිවිඩය ආණ්ඩුව වටහාගෙන ඇති බවයි.

ජාතික මැතිවරණයක ප්‍රතිඵලය සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක ප්‍රතිඵලය සැසඳිය නොහැකි බව ද අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *