ඉන්දියාවෙන් නැනෝ නයිට්රජන් දියර පොහොර ආනයනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ද සඳහන් කළේය.
පාඨලී චම්පික පසුගියදා ප්‍රකාශ කළේ මෙම පොහොර ආනයනයෙන් ඇමැති මහින්දානන්ද විශාල මුදලක් වංචා කර ඇති බවය.
මෙවැනි දූෂණ චෝදනා එල්ල කළ මනූෂ නානායක්කා, අශෝක් අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වූ පසු සිය චෝදනාවල පදනමක් නොමැති බව පවසා ලිස්සා ගිය බව ද ඇමැති මහින්දානන්ද අවධාරණය කරයි.