චෝදනා රැසයි….! වහා ම ඉල්ලා අස්වනු….! – සංස්ථා සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ඇමැති නියෝග…

March 12, 2021 at 9:39 am | by emanisa.lk

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහා ම ඉල්ලා අස්වැන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (11) දැනුම් දී ඇත බව වාර්තා වෙයි.

නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේ සංස්ථාව සතු ඉඩමක් පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව බදු දීම සංස්ථාව සතු සංඛ්‍යාත අනුමැතියකින් තොරව වෙනත් පාර්ශ්වයකට පැවැරීම ඇතුළු චෝදනා කිහිපයක් හේතුවෙන් ඇමැතිවරයා මෙම දැනුම් දීම කර ඇතැයි ද දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *