අලුත් සංස්කෘතියක් ගොඩනැඟීමට බලයට පැමිණි ආණ්ඩුව පැවති සංස්කෘතියටත් වඩා නරක තැනකට රට රැගෙන යන ලකුණු දක්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අවබෝධයෙන් බොරු කියන සංස්කෘතිය හෝ දැන් වෙනස් කළ යුතුව ඇති බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
යහපාලන ආණ්ඩුව සමයේ එල්ල කළ විභාග වංචා චෝදනා නැවත ඉදිරිපත් නොකර ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටි නාමල් රාජපක්ෂ, විභාග වංචා පිළිබඳ අසත්‍ය චෝදනා නැඟීම රටේ නීති පද්ධතිය, විභාග පද්ධතිය මෙන් ම නීති විද්‍යාලය ද අපකීර්තියට ලක් කරන බව සඳහන් කරයි.
තමා නීති විද්‍යාල අවසන් විභාගය සඳහා වෙනම Ac කාමරයක සිට පිළිතුරු ලියූ බවට අමාත්‍ය වසන්ත සමරසිංහ කළ චෝදනාව ඔප්පු කළහොත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවටත් එසේ නොවුණහොත් වසන්ත සමරසිංහ ඉල්ලා අස්විය යුතු බවටත් නාමල් රාජපක්ෂ අභියෝග කළේය.
අද (18) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අභියෝගය කළද ඇමති වසන්ත සමරසිංහ එම අභියෝගය භාර ගන්නා බව ප්‍රකාශ කළේ නැත.