චීන පොහොර සඳහා ණයවර ලිපි නිකුත් කළ හැටි වැරදියි…! ඇමැති සහ නිලධාරීන් වගකීම භාරගත යුතුයි..! – ජනපති…

December 28, 2021 at 8:29 am | by emanisa.lk

චීන පොහොර නැවට ණයවර ලිපි විවෘත කළ ආකාරය වැරදි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කොට ඇත.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ඊට මුල් ඇමැතිවරුන් සහ නිලධාරීන් ඒ සම්බන්ධ වගකීම බාරගත යුතු බවය.

ඊයේ (27) පුවත්පත් කතුවරුන් සමග පැවැති සාකච්ජාවේ දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

චීන පොහොර තොගවල සාම්පල පරික්ෂා කිරීමකින් තොරව ණයවර ලිපි නිකුත් කර ඇති බවට මෙයට පෙර ද චෝදනා නැඟිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *