චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමේ දී කිසිවකුට හෝ කොමිස් මුදලක් ලැබුණා දැයි සැකයක් මතුවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
මෙම පොහොර නැව වෙනුවෙන් එක සත පහක් නොගෙවන බවටත් පොහොර නැවේ කිසිම දෙයක් නොගන්නා බවටත් මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙයට පෙර පැවසූ නමුත් සිදුවී ඇත්තේ අනෙක් පැත්ත යැයි ද තෙම සඳහන් කළේ ය
එම නැව වෙනුවෙන් ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට සිදුවීම ජාතික අපරාධයක් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, මේ සඳහා වගකිවයුතු සියලු දෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව ද ප්‍රකාශ කළේය.
ආණ්ඩුව පොහොර නැවට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරන විට ඊට අදාළ මුදල ගෙවන ලෙස නියෝග කළේ නීතිපතිවරයා විසිනි.