චීන ජාතිකයාගේ කෝටි දෙකේ කොල්ලය: අධිකරණයේදී සත්‍ය ජය ගත්තා… පුතාට විරුද්ධව කිසිම සාක්කියක් නෑ…! – හිටපු ඇමති ශාන්ත බණ්ඩාර….

July 28, 2026 at 11:36 am | by emanisa.lk

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තම පුතා වන අනුද ජනාදිත් බණ්ඩාරට එරෙහිව කිසිදු සාක්ෂියක් නැතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.

“මගේ පුතා විතරක් නෙවෙයි කවුරු වැරැද්දක් කළත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. එතන අපි පැහැදිලිව ඉන්නවා. නමුත් මම ඉතාම කණගාටු වෙනවා පසුගිය දින ටිකේදී වැරදි පුවත් රාශියක් පළවුණා. නමුත් ගරු අධිකරණය ගැන විශාල විශ්වාසයක් අපිට තිබ්බා. අද ආවෙත් අධිකරණය කෙරෙහි විශ්වාසය මතයි.

ඉතින් ඒ නිසා මගේ නීතීඥයින් මට කිව්වා මෙයාට කිසිදු චෝදනාවක් එල්ල කරන්න මොනවත් සාක්ෂි තිබුණෙ නැහැ කියලා. පොලීසියත් ඇත්තටම මේ සම්බන්ධව ලොකු විමර්ශනයක් කරලා තිබුණා, ඒකත් හොඳයි. හැම අතින්ම විමර්ශනය කරලා තිබුණා. අපි ඉන්නේ සත්‍යය ජයගන්නවා කියන තැන. ඒ නිසා අද ඒ සත්‍ය එලෙසම ජයගත්තා. අධිකරණයට අපි විශේෂයෙන්ම අපේ ගෞරවය පුදකරනවා.”

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මේ බව පැවසුවේ ඊයේ (27) අධිකරණයට වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන්ට ඊයේ ඇප ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *