චීන අශූචි පොහොර නැව ගෙනා ලොක්කා මාලිමාවෙන් ඡන්දෙට…!

March 5, 2023 at 7:25 am | by emanisa.lk

නියමිත ප්‍රමිතියට නොමැති බව ප්‍රකාශ කරමින් නැවත හරවා යැවූ කාබනික පොහොර නැවක් චීනයෙන් ගෙන ඒමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

තමා අමාත්‍යංශය භාරගත්තේ 2022 ජුලි 08 වෙනිදා බවත් අදාළ පොහොර නැව ගෙන ඒමට ජුලි මස 05 වෙනිදා වන විට සියලු තීන්දු තීරණ ගෙන අවසන් කොට තිබූ බවත් හෙතෙම අවධාරණය කරයි.

කෙසේ වුව ද මෙම පොහොර නැව ගෙන ආ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ජාතික ජන බලවේගය යටතේ වත්තල ප්‍රාදේශීය සභාවට තරඟ වදින බව ද ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කරයි.

එහෙයින් අදාළ සිදුවීම පිළිබඳ ජාතික ජන බලවේග පක්ෂ නායකත්වයෙන් ප්‍රශ්න කළ යුතු බවත් එම පොහොර නැව ගෙන ඒම වැරදි නම් ඊට මැදිහත් වූ සමාගමේ විධායක නිලධාරියාට නාම යෝජනා දුන්නේ මන්දැයි ඔවුන් පැහැදිලි කළ යුතු බවත් හිටපු රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ චීන පොහොර නැවක් ගෙන්වා රටට මිලියන 300ක් අලාභ කිරීම පිළිබඳ මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *