චමින්ද විජේසිරිගේ අසුනට ව්‍යාපාරික වාසළතිලක..!

January 9, 2024 at 4:49 pm | by emanisa.lk

ඉල්ලා අස්වූ චමින්ද විජේසිරිගේ අසුන සඳහා මනාප ලැයිස්තුව අනුව ව්‍යාපාරික නයන වාසළතිලක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරි පත්ව තිබේ.

2020 මහා මැතිවරණයට නයන වාසළතිලක බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ද ජයග්‍රහණය කළ නොහැකි විය. ඔහු හපුතළේ සමගි ජන බලවේග ප්‍රධාන සංවිධායක ලෙස ද කටයුතු කරයි.

නයන වාසළතිලක ව්‍යාපාර ජාලයක හිමිකරුවෙකු වන අතර පසුගිය LPL තරඟාවලියෙහි ගාල්ල ටයිටන්ස් කණ්ඩායම ද මිලට ගත්තේ ඔහු විසිනි.

මෙම මන්ත්‍රී ධුර හුවමාරුව පිටුපස රුපියල් කෝටි විස්සක ගනුදෙනුවක් ඇතැයි ද සමාජ මාධ්‍යවල වාර්තා පළ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *