ගාලු මුවදොර විරෝධතාව අසල දී සිදුකළ ප්රකාශය නිසා භික්ෂූන් වහන්සේලාගේ සිත් රිදුණි නම් සමාව ඉල්ලා සිටින බව ශ්රී ලංකා වෘත්තීය සූපවේදීන්ගේ සංගමයේ සභාපති සුනිල් සිල්වා පවසයි.
ගාලු මුවදොර සිටි භික්ෂූන් වහන්සේලාට වඩා තමා හොඳ බෞද්ධයෙකු බව ද හොටෙල් දෙකක් සහ මත්පැන් බලපත්ර තිබුණ ද ඒවායේ මත්පැන් නොවිකුණන බව ද සුනිල් සිල්වා ප්රකාශ කරයි.
තමන් මුදල් කෝටි ගණන් පරිහරණය කළ ද තවමත් ගමන් කරන්නේ බසයේ බව ද ඔහු සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ සහ විමල් වීරවංශ සමග තමන්ට සම්බන්ධයක් ඇති බවට සමහරු චෝදනා කළ ද තමා හිටපු ජවිපෙ සාමාජිකයෙකු බව ද සුනිල් සිල්වා වැඩි දුරටත් කීය.