තමන් ලක්ෂ 70ක් වංචා කළ බවට සිදුකරන ලද පැමිණිල්ල බොරුවක් බව ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම පවසයි.
අදාළ දේපළ නාගරික සංවර්ධන අධිකාරියේ නොව තමන්ගේ බවත් තම දේපළ පිළිබඳ ඕනෑ ම තීන්දුවක් ගැනීමට තමන්ට අයිතියක් ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.
ගාලු මුවදොර අරගලයට පහර දුන්නේ තමන් නොව සිරකරුවන් පිරිසක් බවයි, ඔහු ප්‍රකාශ කළේ.
මෙම ගැටුම පිටුපස අදෘෂ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වූ බවත් මහින්ද කහඳගම වැඩි දුරටත් අනාවරණය කරයි.