ගෝඨා පරාජය කරන්න හරි ලේසියි! අපි ගිය පාරටත් වඩා වැඩි ඡන්ද ගාණකින් දිනනවා! – කිරිඇල්ල

August 11, 2019 at 6:09 pm | by emanisa.lk

පරාජය කිරීමට පහසුම ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (11) නෙළුම්පත්හින්න ශ්‍රී ඉසිපතනාරාම විහාරයේ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළත් එය එක්සත් ජාතික පක්ෂයට කිසිදු අභියෝගයක් නොවන බව ඇමතිවරයා එහිදී කියාසිටියේය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී පසුගිය වර්ෂයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රටම ඉල්ලා සිටින අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසුවේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා තෝරන්නේ රාජපක්ෂ පවුල වුවත් එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා තෝරන්නෙ ඒ කිසිවකු නොව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස